Thursday, July 5, 2012

ජීවිතයට යමක්...3 ........

අපි බොහෝ විට යමක් දෙයක් වෙනුවෙන් බොහෝ මහන්සි වී ඒ උදෙසා ක්‍රියා කර ලබන ප්‍රතිඵලයම තවත් අයෙකු වෙනත් ක්‍රමයකට සිදුකර එම ප්‍රතිඵලයම ලබා ගත් අවස්ථා ඔබෙගේ ජීවිතයේ නැතුවාම නොවේ.. 
සමහර විටක ඔබ දෙවන පුද්ගලයා වන්නට පුලුවන්..

යමක් වෙනුවෙන් මහන්සි විය යුතුයි.. 

නමුත් එම දරන මහන්සිය අවම කර පෙර ප්‍රතිඵලයට වඩා වැඩි ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි අවස්ථා අපට තිබිය හැක..
ඔබ අන් අයට වඩා වෙනස් වන්නේ එම අවස්ථාවේදීයි.

ලොව වඩාත් සාර්ථක පුද්ගලයන්ගේ එම සාර්ථකත්වයට හේතුව එයයි..

විශේෂයෙන් විහාග වලට පාඩම් කිරීමේදී මෙය බොහෝ සෙයින් වැදගත් වේ..

එහිදී ඔබ භාවිතා කරන ක්‍රියාමාර්ග වඩා ඵලදායි ලෙසින් යොදා ගන්න.. 
කෙටි සටහන් , රූප රාමු , වැදගත් කරුණු ඔබට රිසි සේ සකස් කරගන්න.. එය ඔබට උසස් ප්‍රතිඵලයක් ගෙන දීමට රුකුලක් වනු ඇත.

No comments:

Post a Comment