Sunday, October 28, 2012

Rangashika (රංගශිකා)



HIT like our new page RANGASHIKA my frndz....https://www.facebook.com/Rangashika

Saturday, August 18, 2012

►►ශ්‍රේෂ්ඨ රතු ඉන් දියානු නායක සියැටල්ගේ සුප්‍රසිද්ධ කථාව◄◄

වොෂිංටන් නගරයේ සිටින ශ්‍රේෂ්ඨ නායකයාණන් අපගේ ජන්ම භූමිය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අප වෙත හසුන්පත් එවා ඇත. එතුමා අපට සුබ පතන අතර මිත්‍රත්වයේ දෑතද දිගු කරයි. අපගේ මිත්‍රත්වයෙන් එතුමාට අල්ප වූ හෝ ප්‍රයෝජනයක් නැති බව අපි දනිමු. එහෙත් එතුමාගේ කාරුණිකභාවය අපි අගය කරමු.

කෙසේ වුවත් අපි ඔබගේ ඉල්ලීම සලකා බලන්නෙමු. මක්නිසාදයත් මේ භූමිය අප ඔබට විකුණන්නේ නැත්නම් ඔබගේ සුදු මිනිසුන් තුවක්කු අමෝරාගෙන විත් අපගේ භූමිය උදුරා ගන්නා බව අපි දනිමු. නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළෙඟ් නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත.
මේ මිහිතලයේ සෑම බිම් අඟලක් ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වලාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වස්තූහු වන්නෝය. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳ ස්මරණය රැගෙන යන්නේය. සුදු මිනිසුන් වූ ඔබගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු තම මව්බිම අමතක කොට දෙව්ලොව සැරිසරති. මහ පොළොව රතු මිනිසාගේ මෑණියන් වන බැවින් අපගේ මළගිය ඇත්තෝ මේ සුන්දර මිහිතලය අමතක නොකොට මෙහිම රැඳෙන්නෝය. අපි මිහිතලයේ කොටසක් වන්නෙමු. මිහිතලයද අපගේම කොටසක් වන්නේය. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමුවා, අශ්වයා, මහරාජාලියා, මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරිශිඛරද, තණ බිම්වල තෙතමනයද, පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුමද යන මේ සියල්ලම එකම පවුලකට අයත් වන්නේය.

වොෂින්ටනයේ ශ්‍රේෂ්ඨ නායකයාණන් අපගේ භූමිය මිලට ගැනීමට කැමැත්ත පළ කරමින් කරන ඉල්ලීම අපට දරාගන්නට නොහැක්කකි. ශ්‍රේෂ්ඨ නායකයාණෝ අපට සුවපහසුවෙන්, සැනසිල්ලේ ජීවත්වීමට ස්ථානයක් ලබා දෙන බව දන්වා සිටිති. එතුමාණන් අපගේ පීතෘවරයා වනු ඇත. එවිට අපි ඔහුගේ දරුවන් බවට පත්වෙමු. එනිසා අපගේ භූමිය මිලදී ගැනීම පිළිබඳ ඔබතුමාගේ යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. එය අපට එතරම් සුවදායී කාර්‍යයක් නොවන්නේ මේ භූමිය අපට පූජනීය වස්තුවක් වන හෙයිනි. ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලයම නොව අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට අපගේ භූමිය විකුණුවහොත් එය අපට ශුද්ධ වස්තුවක්ව තිබූ බව ඔබගේ මතකයේ තබා ගත මැනවි. පොකුණුවල පැහැදිලි ජලතලාවේ පතිත වන සෑම අඳුරු ඡායාවක්ම කියාපාන්නේ මගේ වර්ගයාගේ ජීවන සිදුවීම් හා ස්මරණ බව ඔබේ දරුවන්ට වටහා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන්මිත්තන්ගේ කටහඬ වන්නේය.

ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපේ ඔරුද පාරුද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අපි මේ භූමිය ඔබට විකුණුවහොත් මේ ගංගාවන් අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන්ටද එය කියාදෙනු මැනවි. එතැන් සිට වෙනත් ඕනෑම සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලටද දක්වනු මැනවි.

ගිරි ශිඛරය වසා සිටින හිමිදිරි මිහිදුම, උදාවන හිරු ඉදිරියේ පලා යන්නාසේ සුදු මිනිසාගේ ආක්‍රමණය ඉදිරියේ රතු මිනිසා හැමවිටම පලා ගොස් ඇත. එහෙත් අපගේ පියවරුන්ගේ භස්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන්බිම් අපට පූජනීය බිම් වන්නේය. එහෙයින් මේ කඳු මේ තුරුලතා සහ මේ බිම අපටම කැපවූ භූමියකි. සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් බිම් කඩක් තවත් බිම් කඩකට වඩා වෙනස් නොවේ. රාත්‍රී කාලයේ පැමිණ භූමියේ තිබිය යුතු දේ පැහැර ගෙන පලායන ඔබගේ මිනිස්සු මේ භූමියට පිටස්තරයෝ වන්නාහ. පොළොව ඔවුනට සහෝදරයෙකු නොව සතුරෙකි. භූමිය අත්පත් කරගැනීමෙන් පසු ඔවුහු එය අමතක කොට තවත් බිම් පෙදෙස් යටත් කරගනිමින් ඉදිරියට ඇදෙති. ඔවුහු තම පියවරුන්ගේ සුසාන කිසිදු තැකීමකින් තොරව පසුකර යති. ඔවුහු දරුවන්ගෙන් පොළොවද උදුරා ගනිති. ඔවුහු තම පියවරුන්ගේ සුසානද තම දරුවන්ගේ ජන්ම උරුමයද අමතක කරති. ඔවුන් තම මවටත්, සහෝදරයාටත් මහ පොළොවටත්, ඔහුගේ අහස් තලයටත් සලකන්නේ මිලට ගතහැකි, කොල්ලකෑමට හෝ විකිණීමට හැකි බැටළුවන් හෝ දීප්තිමත් පබළු වැනි දෑ ලෙසිනි. ඔවුන්ගේ කෑදරකම විසින් මේ භූමියෙහි සාරය උරා බොනු ලැබීමෙන් පසු ඉතිරි වන්නේ හිස් කාන්තාරයක් පමණි. අපගේ සිරිත් විරිත් ඔබගේ සිරිත් විරිත් වලට වඩා වෙනස් වන්නේය. ඔබගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන දෙන්නේය. එසේ වන්නේ රතු මිනිසුන් වන අප වනචාරී ම්ලේච්ඡයන් වන නිසා විය හැකිය. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයාගත නොහැකිය. ඔබගේ නගරයන්හි වසන්ත සමයේ තුරුලතාවල දළු කොළ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාපත්වල සිලි සිලි හඬ සවනත වැකෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණකි. එය දෙසවනට මහත් හිරිහැරයක්ම වන්නේය.

මට එසේ හැෙඟන්නේ මගේ නොතේරුම්කම නිසා විය හැකිය. ම්ලේච්ඡයන්ට එබඳු දේ වටහාගැනීම අපහසු වන්නේය. එහෙත් උලමා ගයන හුදකලා ගීතය හෝ රාත්‍රියේ පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑ ඇසීමට නොලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේද? මම නූගත් රතු ඉන්දියානුවෙක්මි. එනිසා මට මේවා තේරුම්ගත නොහැකිය.

සිරිපොද වැස්සේ තෙමෙන දේවදාර තුරු මුදුනින් නැගෙන සුවඳ, මඳ මුදු පවනේ පාවී අපගේ ගත සිත සනසන්නේය. සුළඟ රතු මිනිසාට බෙහෙවින් අගනේය. සත්තු, තුරුලිය, මිනිස්සු යන අපි සියලූදෙනාම එකම ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය ගැනවත් නොදන්නෝය. මියැදෙමින් සිටිනවුන් සේ ඔවුහු සුළෙඟ් සුවඳ නොදනිති. අප අපගේ භූමිය ඔබට විකුනුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් වටිනා එකක් වූ බව අමතක නොකළ මැනවි. අපගේ මුතුන්මිත්තන්ට ජීවය ලබාදුන් සුළඟම ඔවුන්ගේ අවසාන හුස්ම ආපසු ලබාගත්තේය. ඒ සුළඟම අපගේ දරුවන්ගේ ප්‍රාණ වායුව වන්නේය. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්‍ෂා කළ යුතුය. තණපත් අතර පිපි කුසුමින් මකරන්දය උරාගෙන තණ බිම් හරහා හමන මඳ සුළෙඟ් පහස විඳීමට ඔබටද හැකිවනු නොඅනුමානය.

එසේ නම් අපගේ භූමිය මිලට ගැනීම සඳහා ඔබ කරන යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. ඒ එක් කොන්දේසියක් යටතේය. සුදු මිනිසුන් වන ඔබ මේ භූමියේ ජීවන් වන සියලූම සතුන් ඔබගේම සහෝදරයන් ලෙස සලකන බවට පොරොන්දු විය යුතුය.
මම වනචාරී ම්ලේච්ඡයෙක්මි. ඉන් බාහිර කිසිවක් මට නොවැටහේ. ප්‍රෙයරි තණ බිම් හරහා ගමන් කරන දුම්‍රියක සිට වෙඩි තබා මරා දමන ලද, කුණු වී යන දහස් ගණන් මී හරකුන්ගේ මළ සිරුරු මම දැක ඇත්තෙමි. මී හරකාට වඩා දුම්‍රිය වැදගත් වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත.

තිරිසන් සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජීවත් විය හැක්කේද? සියලූ තිරිසන් සතුන් විනාශ වී ගියහොත් ජීවිතයේ දැඩි හුදකලා බවින් මිනිසාද විනාශ වී යනු ඇත. ඒ තිරිසනුන්ට සිදුවන කුමක් වුවත් මිනිසාටද ඉක්මනින්ම සිදුවන නිසාය. ලෝකයේ පවත්නා සියලූ දේ අතර ඇත්තේ එකිනෙකට බැඳුනු ඥාතිත්වයකි.

ඔබගේ දරුවන් දෙපයින් නැගී සිටින්නේ අපගේ මුතුන්මිත්තන්ගේ භස්මාවශේෂයෙන් පෝෂණය වූ භූමියක බව ඔවුන්ට පහදා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. මව්බිමට සිදුවන ඕනෑම හොඳක් හෝ නරකක් එහි ජීවත්වන දරුවන්ටත් උරුම වන්නේය. මිනිසා භූමියට කෙළ ගැසීමෙන් කරන්නේ තමාටම කෙළ ගසාගැනීමකි. අප දන්නා පරිදි මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්‍ය. පවුලේ සියලූදෙනා එකම ලේ බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෙයම එකට බැඳී තිබෙන බව අපි දනිමු.

ජීවිතය නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පටක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කරතොත් ඒ තමාටම කරගන්නා උපද්‍රවයකි.
අප වර්ගයා වෙනුවෙන් පිහිටුවන්නේ යැයි ඔබ විසින් කියනු ලබන්නේ රක්‍ෂිත භූමියට යාම පිළිබඳව අපි ඊළඟට සලකා බලන්නෙමු. අපි එහි සාමයෙන් ජීවත් වන්නෙමු. මේ ඉතිරි වී ඇති සුළු කාලය කොතැනක හෝ ජීවත් වුවද අපට කම් නැත. අපගේ පරපුරේ වැඩි දෙනෙකු දැනට ඉතිරිවී නැත. තව ශීත ඍතු කීපයක් ගෙවී ගිය කල මේ මහා පොළොවේ ඔබ මෙන් බලසම්පන්න වීර ගෝත්‍රිකයන් වෙනුවෙන් වැලපීමට අප පරපුරෙහි කුඩා දරුවකු හෝ ජීවත් නොවනු ඇත. එය එසේ නම් මගේ මිනිසුන් වෙනුවෙන් දුක්වන්නේ ඇයි? ගෝත්‍ර සැදී තිබෙන්නේ මිනිසුන්ගෙනි. මිනිස්සු ජීවත්වී මියයති.
අන්තිම රතු මිනිසාත් මේ පොළෝ තලෙන් අතුරුදන් වූ විට ඔවුන්ගේ මතකය තණබිම් හරහා පාවෙන වලාකුළක ඡායාවක් බවට පත්වූ විට මෙම තැනිතලා වන පෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවාගනු ඇත. අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවක් තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි

Saturday, July 28, 2012

◄◄පිරිමි මොළය Vs කාන්තා මොළය►►


මල්ටි ටාස්කින්(Multi Tasking):

කාන්තාවන්ගේ මොළය සැකසී ඇත්තේ ඔවුන්ට එක්වර කාර්යයන් රැසක නිරත විය හැකි ආකාරයටය.එම නිසා ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකතන සංවාදයක යෙදෙමින් ආහාර පාන පිලියෙල කිරීම සුළු දෙයකි.
නමුත් පිරිමින්ගේ මොළය සැකසී ඇත්තේ එක්වරකට එක් කාර්යයක පමනක් නිරත විය හැකි ආකාරයටය.ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකථන සංවාදයක යෙදීම අපහසු වන අතර ඔවුන් කරනු ඇත්තේ රූපවාහිනිය මදකට නවතා දුරකථන සංවාදයේ යෙදීම හෝ ඇමතුම නොසලකා හරිමින් රූපවාහිනී වැඩසටහන නැරඹීමයි.

භාශා හැකියාව(Language):

කාන්තාවන්ට ඉතා පහසුවෙන් භාශාවන් ඉගෙනගත හැකි නමුත් ගැටළු විසදීම අපහසු වේ. පිරිමින්ට භාශාවන් ඉගෙනීම අපහසු වන නමුත් ඔවුන්ට පහසුවෙන් ගැටළු විසදීමට හැකි වේ.වයස අවුරුදු 3ක් වන දැරියක් සතුව එම වයසේ පසුවන දරුවෙකුට වඩා තෙගුණයක් විශාල වචනමාලාවක් පැවතීමට හේතුව වන්නේ එයයි.

විශ්ලේෂණ හැකියාව(Analytical Skills):

පිරිමි මොළයේ විශාල පෙදෙසක් විශ්ලේෂණ කාර්යයන් සදහා වෙන් වී ඇත. එම නිසා ඔවුන්ට යම් කිසි ගැටළුවක් විශ්ලේෂණය කර සදහා විසදුමක් ලබා දීම හෝ ගොඩනැගිල්ලක සංකීර්ණ සැලසුමක් තේරුම් ගැනීම අපහසු නොවේ.නමුත් කාන්තාවකට ගොඩණැගිල්ලක සංකීර්ණ සැලසුමක් තේරුම් ගැනීම අපහසු කාර්යයකි,ඔවුන්ට එය තේරුමක් නොමැති ඉරි රාශියක එකතුවක් පමනක් වනු ඇත.

රිය පැදවීම(Driving):
පිරිමියෙකු රිය පැදවීමේදී ඔහුගේ මොළයේ විශ්ලේෂණ කාර්යයන් සදහා වෙන් වී ඇති පෙදෙස් බෙහෙවින් ක්‍රියාත්මක වේ.පිරිමියෙකු රිය පදවන විට ඈතින් එන වස්තුවක් දුටු වහා ඔහුගේ මොළය වස්තුව කුමක්ද යන්න (බස් රථයක් ,මෝටර් රථයක්ද),වස්තුවේ වේගය,එහි දිශාව යන්න ක්‍ෂණිකව හදුනා ගනී. නමුත් කාන්තාවකගේ මොළය වස්තුවේ වේගය සහ දිශාව හදුනා ගැනීමට වැඩි වේලාවක් ගත කරයි.එම නිසා රිය පැදවීමේදී කාන්තාවන් පිරිමින්ට වඩා බොහෝ පසුපසින් සිටී.

බොරු කීම(Lying):

පිරිමියෙකු කාන්තාවකගේ මුහුණට බොරුවක් කී විට ඇය ඉතා පහසුවෙන් ඔහුව අල්ලා ගනී.පිරිමියෙකු කාන්තාවක් ඉදිරියේ යමක් ප්‍රකාශ කරන විට කාන්තාවගේ මොළය ඔහුගේ මුවෙන් පිට වන වචන ග්‍රහනය කරන්නේ 10%ක් පමනක් වන නමුත් ඔහුගේ මුහුනේ හැගීම් 70% ක්ද ඔහුගේ සිරුරේ අංග චලනයන් 20%ක් ග්‍රහනය කරයි.නමුත් පිරිමියෙකුගේ මොළයට මෙම හැකියාව නොමැති අතර එම නිසා කාන්තාවන් ඉතා පහසුවෙන් පිරිමින්ගේ මුහුණට මුහුණ බොරු පවසයි.

ගැටළු විසදීම(Problem Solving):
පිරිමියෙකුට ප්‍රශ්ණ රාශියක් ඇති විට ඔහුගේ මොළය එම ප්‍රශ්ණ වර්ගීකරණය කරන අතර එක් එක් ප්‍රශ්ණ මොළයේ වෙනස් වෙනස් ස්ථාන වල රදවා එම ගැටළු එකිනෙක වෙන වෙනම ගෙන ඒවා විසදයි.පිරිමියෙකු ගැටළුවකට මුහුන දුන් විට ඔහු තනි වී අහස පොලව ගැටලන්නට මෙන් කල්පනා කරන්නේ එබැවිනි.කාන්තාවකට ප්‍රශ්ණ රාශියක් ඇති විට ඇයගේ මොළයට එම ප්‍රශ්ණ වර්ගීකරණය කිරීමේ හැකියාවක් නොමැත.ඇයට අවශ්‍ය කිසිවෙකු හෝ ඇයගේ ප්‍රශ්ණ වලට සවන් දීම පමනි.කිසිවෙකු සමග ඇයගේ ප්‍රශ්ණ සියල්ල පැවසූ විට ඇය සතුටට පත්වන අතර ප්‍රශ්ණ විස්දුවාද නැද්ද යන්න ඇයට ගැටළුවක් නොවේ.

රැකියාව සහ සම්බන්ධතා(Work & Relations) :

කාන්තාවක් ඇයගේ සම්බන්ධතා පිලිබදව සෑහීමකට පත් නොවේ නම් ඇයට ඇයගේ රැකියාව කෙරෙහි අවධානය යොමු කිරීම අපහසු වේ.පිරිමියෙකු ඔහුගේ රැකියාව කෙරෙහි සෑහීමකට පත් නොවේ නම් ඔහුට ඔහුගේ සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කිරීම අපහසු වේ.

කථනය(Speech) :

කාන්තාවන් බොහෝ දේ ව්‍යංගයෙන් පවසන අතර පිරිමින් බොහෝ දේ ඎජුව පවසයි.

හැගීම් පාලනය(Emotion Handling) :

කාන්තාවන් බොහෝ විට ගැඹුරට නොසිතා කථා කරන අතර පිරිමින් බොහෝ විට ගැඹුරට නොසිතා ක්‍රියා කරයි