Monday, June 25, 2012

පළපුරුද්ද හා දැනුම


නෞකා එන්ජිම සහ මහලු මිනිසා

ඉතා විශාල මගී ප්‍රවාහන නෞකාවක එන්ජිමේ දෝශයක් නිසා එය ක්‍රියා විරහිත වුනා. නෞකාවේ හිමිකරුවන් රටේ ඉන්න නෞකා පිලිබද විශේෂඥ්‍ය ඉංජිනේරුවන් සියල්ලගේම සහය ලබා ගත්තත් ඒ කාටවත් එන්ජිම යලි ක්‍රියා කරවීමට නොහැකි වුනා.

බලාපොරොත්තු සුන් වූ නෞකා හිමිකරුවන් අවසානයේ මහලු මිනිසෙක් රැගෙන ආවා. ඔහු ඉතා කුඩා වියේදී සිටම නෞකා එන්ජින් පිලිසකර කර ඇති අතර ඔහු පිලිබද ක්‍ෂේත්‍රයේ තිබුනේ ගෞරවයක.

ඉතා විශාල ආයුධ සහිත බෑගයක් ඔහු රැගෙන ආ අතර පැමිනි විගස ඔහුගේ වැඩ කටයුතු ආරම්භ කලා. ඔහු එන්ජිම ඉතා හොදින් පරීක්ශා කලා. නෞකාවේ හිමිකරුවන් දෙදෙනෙකුත් ඔහුත් සමග දිගටම රැදී සිටියේ මහලු මිනිසා නෞකා එන්ජිමට හානි කරාවියැයි බියෙන්.සියල්ල ඉතා හොදින් පරීක්ශා කල පසු සෙමින් තමන්ගේ ආයුධ බෑගය ලගට ගිය ඔහු ඉන් කුඩා මිටියක් එලියට ගත්තා.එන්ජිම ලගට පැමිනි ඔහු ඉතා සෙමින් සියුම් මිටි පහරක් එන්ජිමේ යම් තැනකට එල්ල කලා.මහත් ශබ්දයක් පිට කරමින් එන්ජිම ක්‍රියාත්මක වුනා.

මහලු මිනිසා විසින් නෞකා එන්ජිම පිලිසකර කර තිබුනා.

සතියකට පසු මහලු මිනිසා ඔහුගේ බිල නෞකා හිමියන්ට එව්වා. එය ඩොලර් 10000ක්.

"
මොනවා"....ඔවුන් පුදුමයෙන් කෑ ගැසුවා.

"
ඔහු ලොකු දෙයක් කලේ නෑ... ඔහු කල එකම දෙය කුඩා මිටි පහරක් එල්ල කිරීම පමනයි"

ඉතින් නෞකා හිමිකරුවන් යලිත් මහලු මිනිසාට පිලිතුරු ලිපියක් යවා විස්තර සහිත බිල් පතක් ඉල්ලා සිටියා.

මහලු මිනිසා පිලිතුරු ලෙස විස්තර සහිත බිල්පතක එවා තිබුනා.
.
.
.
.
.
.
එන්ජිමට කුඩා මිටි පහරක් එල්ල කිරීම........................ඩොලර් 2
මිටි පහර එල්ල කල යුතු ස්ථානය හදුනා ගැනීම...............ඩොලර් 9998

Thursday, June 21, 2012

අලුත් දේ..............

Microsoft කියන්නේ නිතරම අලුත්  දේවල් කරන්න හදන කොම්පැනි එකනේ මෙන්න එයාලගේ අලුත් Laptop  එක Microsoft Surface




Tuesday, June 19, 2012

Intel අලුත් පරිගණක මොලය....... Intel Ivy Bridge Processors


Intel සමාගම මඟින් ඔවුන්ගේ Core I ශේණියේ 3 වන පරම්පරාවේ Processors 14 ක්‌. පසුගිය 31 වනදා එළි දැක්කුව. Processors නම් කර ඇත්තේ Intel Ivy Bridge Processors ලෙසය. ඔවුන් නව තෂන්යකට අනුව නිපදව තිබෙන මෙම Intel Ivy Bridge Processors  ඔවුන් ultrabook වර්ගයේ ප්‍රොෙසසර ජනප්‍රිය කරවීමට වැඩි උන්නදුවක් දක්වන බව තමයි පෙනී යන්නේ. විශේෂයෙන් මෙම ප්‍රොෙසසර කාණ්ඩය තුළ Anti-Theft, Identity Protection වැනි ආරක්ෂාක උපක්‍රම රැසක් ද අන්තර්ගත කර අැති බව තමයි සමාගම සදහන් කරන්ෙන්...
මෙම ivy bridge ‍ප්‍රොසෙසර පෙල 22nm තාක්ෂණයෙන් වෙළද පොලට එන මුල්ම ප්‍රොසෙසර පෙල වන අතර ත්‍රිමාණ (tri gate) ට්‍රාන්සිස්ටර තාක්ෂණය භාවිත වන මුල්ම ප්‍රොසෙසර පෙල ද වනවා...
ddr3 (1600MHz) ddr3l වර්ග වල RAM සමග පාවිච්චි කල හැකි මේවා PCI ex. 3.0 සදහා සහාය දක්වනු ඇති.


Core i5 family (Desktop):
  Core i5-3570, i5-3570S, Core i5-3475S, Core i5-3470, Core i5-3470T,  Core i5-3470S

Core i7 family (Ultrabook):
  i7-3517U, i7-3667U

Core i5 family (Ultrabook):
 i5-3371U, i5-3427U

Core i7 family (Mobile):
 Core i7-3520M

Core i5 family (Mobile):
  i5-3360M,  i5-3320M,  i5-3210M
Third generation Intel Core desktop processors

කලාකරුවාට කලාව කිරීමට තැනක් අවශ්‍ය නැත...........





අපිට මොකටද ජාතිබේද

බලන්න ජයාරූපයා දිහා.. මේක අපේ රට අපි අපිවෙනුවෙන් අපි. එකම රටක එකම දැයක්.....................


Saturday, June 16, 2012

ජීවිතයට යමක් 2


ස්ටීව් ජොබ්ස් ගේ ජීවිතය......


ලෝකයේ තිබෙන හොදම විශ්වවිද්‍යාල  වලින් එකක් වන ඔබගේ  උපාධි ප්‍රධානෝත්සවයට  සහභාගී වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මම කවදාවත් උපාධියක් ලබාගෙන නෑ. උපාධියකට කිට්ටුවටම පැමිණි පළමු  අවස්ථාව මෙයයි. මගේ ඡීවිතයේ  කතා තුනක් මම  අද ඔබට කියනවා. එච්චරයි. ලොකු දෙයක් නෙවෙයි. කතා තුනක් විතරයි. පළවෙනි එක තිත් යා කිරීම පිළිබදවයි.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට පලවෙනි මාස හයෙන් පස්සේ මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයෙන් විසි වුණා. ඇත්තටම විසි වෙලා යන්න කලින් මම තවත් මාස 18ක් විතර වැනී වැනී හිටියා. ඇයි මම විශ්වවිද්‍යාලයෙන් විසි වුණේ?
ඒක පටන් ගත්තෙත් මම උපදින්නටත් පෙර මගේ ඡීවවිද්‍යාත්මක අම්මා තරුණ කසාද නොබැදපු  උපාධිධාරි ශිෂ්‍යාවක් වුණා. ඉපදුනාට පස්සේ මා හදාගන්න දෙන්න ඇය තීරණය කළා. දිනකදී මාව හදාගන්නා අය උපාධිධාරීන් විය යුතු බව ඇය තීරණය කර තිබුණා.  ඉපදුනු වහාම මාව නීතීඥයන් යුවලකට හදා ගැනීමට දිමට සියළු දේ සූදානම් වී තිබුණා. නමුත් අවසාන වෙලාවේ ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුනේ ගැහැණු ළමයෙක්. මා ඉපදුනු රාත්‍රියේ මෙන්න මෙවැනි දුරකථන ඇමතුමක් මා හදා ගත් දෙමාපියන්ට ලැබි තිබුණා. අනපේක්ෂිත විදිහට පිරිමි ළමයෙක් ලැබිලා තිබෙනවා. ඔබලාට ඔහුව ඕනද? දිනක මා විශ්වවිද්‍යාල යවන බවට දැඩි පොරොන්දුවකින් පසුව මගේ ඡීවවිද්‍යාත්මක අම්මා මාව හදාගන්න දීල තියෙනවා.
ඉතින් මං විශ්වවිද්‍යාලට ගියා. මගේ අධ්‍යාපනයට මධ්‍යම පාන්තික මගේ දෙමාපියන් ඔවුන් උපයන හැම සතයක්ම වැය කළා. විශ්වවිද්‍යාල ඡීවිතය මාස 06කට පසුව මට ඒකේ කිසිම වටිනාකමක් පෙනුනේ නැහැ. මේ ඡීවිතේ මං කරන්න අවශ්‍ය  දේ ගැන මට අදහසක් තිබුනේ නැහැ. ඒක හොයාගන්න විශ්වවිද්‍යාලයෙන් උදව්වක් ලැබෙන බව පෙනුනෙත් නැහැ. මගේ අහිංසක දෙමාපියන් ඡීවිතයේ උපයාගත් සල්ලි මා වෙනුවෙන් වැය කරමින් හිටියා. මගේ වැඩ මංම කරගන්නවා කියලා මංම විශ්වවිද්‍යාලයෙන් අයින් වුණා. ඒ වෙලා‍වේ මං ගොඩාක් බය වුණා. නමුත් අද මං ආපස්සට බලද්දි මා ගත් තීරණවලින් හොදම එකක් වන බව මට දැනෙනවා. විශ්වවිද්‍යාල අයින් වූ පසුව මා කැමති දේශන වලට සහභාගී වීමටත් අකමැති දේශන සහභාගී නොවීමටත් මට හැකි වුණා.
ඒ ඡීවිතේ සුන්දර එකක් වුනේ නැහැ. මටම කියා නේවාසික කාමරයක් තිබුනෙත් නැහැ. යාළුවෙකුගේ කාමරේ බිම තමයි නිදා ගත්තේ. පරණ කොකා කෝලා බෝතල් එකක් සත 5කට එකතු කරලා දීලා තමයි කෑම කන්න සල්ලි හොයා ගත්තේ. හැම ඉරිදම හැතැම්ම 07ක් දුර පයින් ඇවිදලා හරේ ක්‍රිෂ්ණා කෝවිලට ගිහින් තමයි හොද ආහාර වේලක් ගන්නේ. මම ගොඩාක්  කැමැත්තෙන් මේක කලා. මේ දවස්වල මා දුටු දේවල් , මා කළ දේවල් මගේ කුතුහලය, මා සතුව තිබූ සහඡ බුද්ධිය පසුකාලීනව මගේ ඡීවිතයේ අමිල දේවල් බවට පත්වුණා. මම ඔබට උදාහරණයක් දෙන්නම්. රීඩ් විශ්වවිද්‍යාලය ලස්සනට අත් අකුරු ලිවිමේ කලාව ඒ දිනවල හොදින්ම ඉගැන්නුවා. සමහර විට ලෝකෙ මේ සම්බන්දව හොදම විශ්වවිද්‍යාලය රීඩ් වෙන්නත් ඉඩ තිබුණා. කැම්පස් එකපුරා අලවා තිබූ පෝස්ටර්, හැම ලාච්චුවකම ලේබලය ලස්සනට අත් අකුරු වලින් ලියලා තිබුණා. මම ඉවත් වි සිටි නිසා සාමාන්‍යල  විදිහට දේශන ශාලාවට යන්න මට සිද්දවෙලා තිබුනේ නැහැ. අත් අකුරු  පන්තියකට යන්න මම තීරණය කළා. විවිධ වූ අකුරු වර්ග ගැන, අකුරු අතර තිබිය යුතු පරතරය ගැන, අත් අකුරු ලස්සන වෙන්නේ කොහොමද යන්න ගැන මම ඉගෙන ගත්තා. ඒක හරිම ලස්සන ඓතිහාසික, කලාත්මක සියුම් ක්‍රමයක් වුණා. විද්‍යාවට හසුකර ගැන්මට අපහසු වූ මෙය මගේ සිත් ඇද බැද ගත්තා.
නමුත් මගේ ඡීවිතේ ප්‍රායෝගිකව මම මෙය පාවිච්චි කලේ නැහැ. නමුත් වසර 10 කට පසු අපි මැෂින්ටොෂ් පරිගණකය සැලසුම් කරන විට මේ හැමදේම මට ආයේ මතක් වුණා. ඒ ලස්සන අත් අකුරු ලිවීමේ කලාව මැක් පරිගණකයේ එසේම තිබුණා. ලෝකේ ලස්සනම අකුරු සහිත පරිගණකය මැක් වුණා. එදා මා විශ්වවිද්‍යාලයේදී එම පාඨමාලාව හදාරා නොතිබුණානම්  මැක් පරිගණකයයේ ලස්සන යතුරු ලියන ක්‍රමයක් නොමැති වීමට ඉඩ තිබුණා. වින්ඩෝව්ස් මැක් වලින් කොපි කරපු නිසා ලෝකයේ කිසිම පරිගණකයක එය නොතිබීමට ඉඩ තිබුණා. මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් නොවූවානම් අහම්බෙන් දුටු අත් අකුරු පන්තියට සහභාගී නූනානම් පුද්ගලික පරිගණක අද තියෙන තරම් ලස්සනට යතුරු ලේඛනය නොකිරීමට ඉඩ තිබුණා. මා විශ්වවිද්‍යාලයේ  සිටියදී අනාගතය දෙස බලාගෙන තිත් යා කිරිම නොහැක්කක්  වුනත් අවුරුදු 10 කට පසුව අතිතය දෙස බලාගෙන මට ඒක කරන්න පුළුවන් උනා.
ඔබට මට පැවසීමට ඇත්තේ ඉදිරිය බලාගෙන තිත් යාකළ නොහැකියි. ඔබට එය කල හැක්කේ ආපසු බලමින්මයි. එම නිසා  මේ තිත් කෙදිනක හෝ ඔබේ ඡීවිතයේදී  සම්බන්ධ වන බව ඔබ විශ්වාස කල යුතුයි. කිසියම්ම  හෝ දෙයක් ඔබ දැඩිව විශ්වාස කළ යුතුයි. ඔබගේ  ආත්මවිශ්වාසය, ධෛර්ය, කර්මය මොකක් වුනත් කමක් නැහැ. මෙලෙස සිතීම මගින් මා ඡීවිතයේ කවදාවත්  නොවැටී සිටියා හා මගේ ඡීවිතයේ සියලු වෙනස්කම්  උනත් මං එහෙමම ඉන්න පුවවන් උනා.

මගේ දෙවැනි කතාව ආදරය හා නැතිවීම පිළිබදවයි.

මම ගොඩාක් වාසනාවන්ත වුණා.තරුණ කාලේදීම මා කැමති දේ කිරීමට මට ලැබුණා. ඇපල් පරිගණක සමාගම මට  අවුරුදු  20 දී මගේ දෙමාපියන්ට අයත් ගරාජයේ මං පටන් ගත්තා. අපි මහන්සි වෙලා වැඩ කළා. අවුරුදු 10කින් ගරාජයේ  වැඩකළ දෙදෙනාගෙන් පටන් ගත් සමාගම  4000 ක් දෙනා වැඩ කරන ඩොලර් බිලියන 2 ක් වටින කොම්පැණියක් බවට පත් වුණා. අපගේ පළමු නිර්මාණය මැකින්ටොෂ් අවුරුද්දකට කළින් නිකුත් වෙද්දී මට අවුරුදු 30 වුණා පමණයි. ඉන්පසු මාව අස්කළා. මා විසින්ම පටන්ගත් කම්පැණියෙන් මාව අස්කරන්නේ  කොහොමද? ඇපල් පරිගණක ව්‍යාපාරය  වර්ධනය වන විට දක්ෂයි කියා මා විශ්වාස කළ අයකු කම්පැණිය පවත්වාගෙන යෑම සදහා මා කුලියට ගත්තා. පළමුවැනි වසරක කාලයකදී විතර හැමදේම හොදින් සිදුවුණා. අනාගතය ගැන අපගේ දැක්මන් එකිනෙකට වෙනස් වීමට  පටන්ගත්දා පටන් අපි විරසක වුණා. අධ්‍යක්ෂක මණ්ඩලය ඔහුගේ පාර්ෂවය ගත් පසු මා ඉවත් වුණා. ප්‍රසිද්ධියේ ඉවත් වුණා. වැඩිහිටියකු ලෙස මගේ ජීවිතයේ හොදම කාලය ගෙවී ගොස් තිබුණා.
මාස  කිහිපයක් යන තුරු කරන්නේ කුමක්දැයි කියා මා ඇත්තටම දැන සිටියේ නෑ. ව්‍යවසායකයන් මා නිසා අපහසුතාවයට  පත්වුණු බව මට දැනුණා. මට ලැබුණු යෂ්ඨිය මා බිම දමා ඇතැයි මට හිතුණා. අප සමග සම්බන්ධ වූ අය මුණගැසී මා ඔවුන්ගෙන් සමාව ගත්තා. ප්‍රසිද්ධියේ අසාර්ථක වීම නිසා ගෙවල් දොරවල්  හැරදමා යන්න හිතුණා. නමුත් යමක් මගේ ජීවිතයේ සෙමින් ආලෝකමත් කරමින් තිබුණා. මම කරන දේට මම තවමත් ආදරයෙන් සිටියා. ඇපල් පරිගණක සමාගමෙන් මා අස්කිරීම  මගේ ප්‍රියතම විෂය කෙරෙහි බලපෑමක් ඇති කළේ  නෑ. මාව ප්‍රතික්ෂේප වී තිබුණා. නමුත් මා තවමත් ආදරයෙන් සිටියා. ඉතිං මං අලුතින්ම පටන් ගන්න තීරණය කළා.
එදා මට තේරුණේ නෑ. ඒත් ඇපල් පරිගණක සමාගමෙන් මාව අස්කිරීම මට සිද්ධ වුණු  හොදම දේ කියා මට අද හිතෙනවා. සාර්ථක වී සිටීමේ බර නව ආරම්භකයකුගේ සැහැල්ලු බවින් පිරවී තිබුණා. හැමදේම ගැනම අඩුවෙන් විශ්වාසය තිබුණා. මේ මානසිකත්වය මගේ ජීව්තයේ වඩාත්ම නිර්මාණාත්මක කාලය වෙත තල්ලු කළා.
මීළග වර්ෂ පහේදී මං අලුත් කොම්පැණි දෙකක් ආරම්භ කළා. එකක් NeXT අනෙක Pixar. මං ආදරේ කරන්න පටන් ගත්තා කෙනෙක්ට. මගේ බිරිද වෙන්න සුදුසු. Pixar ලෝකයේ පළවෙනි පරිගණක සජීවිකරණ චිත්‍රපටය Toy Story නිපදවන්න සුදානම් උනා. දැන් ලෝකයේ  සාර්ථකම පරිගණක සජීවීකරණ චිත්‍රාගාරය වන්නේ එයයි. දෛවයේ සරදමකින් පසුව ඇපල් පරිගණක සමාගම විසින් NeXT සමාගම මිළදී ගැනීමත් සමග මා නැවතත් ඇපල් පරිගණක  සමාගම සමග එක් වුණා. අපි NeXT වලින් දියුණු කළ තාක්ෂණය අද ඇපල් පරිගණක වල හදවත බදුයි. මේ හැමදේමත් එක්ක මම සාර්ථක පවුල් ජීවිතයකට උරුමකම් කිව්වා.
මට ගෝඩාක්ම විශ්වාසයි මාව ඇපල් පරිගණක සමාගමෙන් අස් නොකළා නම් ඉහත කිසිවක් සිදු නොවීමට ඉඩ ‍තිබුණා. ඒක හරිම අමිහිරි ඖෂධ පරීක්ෂා කිරීමක් වැනියි. නමුත් ලෙඩා සුවවීමට ඒක අත්‍යාවශ්‍ය නම් වෙන කිරීමට කිසි දෙයක් නෑ.
සමහර වෙලාවල් වලට ජීවිතය ඔබේ ඔලුවලට ගඩොලකින් ගසනවා. තමංකෙරේ විශ්වාසය නැතිකරගන්න එපා. මම විශ්වාස කරනවා මට මොන විනාශය උනත් මාව ඉදිරියට ගෙනාවේ මං කරන දේට මං ආදරේ කළ නිසා කියලා. ඔබ වඩාත්ම කැමැත්තෙන් ආදරයෙන් කරන දේ ඔබම සොයාගත යුතුයි. 100% තෘප්තිමත් වීමට නම් ඔබ වඩාත්ම කැමති දේ හොයා ගන්න වෙනවා. නවත්තන්න එපා. තව හොයන්න. ඔබට එය ලැබුණු පසු ඔබගේ හදවතට එය දැනේවි. හරියට හොද බැදීමක් වගේ කාලයක් එක්ක එය හොදින් හොදම වේවි. ඉතින් දිගටම හොයන්න. ඔබට හම්බවෙනකං.  නතර වෙන්න එපා.

මගේ තුන්වෙනි කතාන්දරය මරණය ගැනයි.
අවුරුදු  17 දී මට එක කියමනක් කියවන්න ලැබුන මතකයි. අද ඔබගේ ජීවිතය අවසාන දිනය කියා ඔබ හිතුවොත් එක් දිනක ඔබ අනිවාර්යෙන් නිවැරදි විය හැකියි”. මේ කියමන මා වෙත විශාල බලපෑමක් කළා. එදා ඉදං පසුගිය අවුරුදු 33 දීම මං හැමදාම උදේට කන්නාඩිය ඉස්සර හට ගිහිං මගෙන්ම ඇහුවා, අද මගේ ජීවිතයේ අවසාන දවස නං, මං අද කරන්න යන දේවල් කරන්න ඕනද කියලා. දින කිහිපයක්ම  උත්තර  “නෑ”  කියන කොට මම යමක්වෙනස් කරන්න තියෙනවා කියා මම හිතුවා. මම දිනක මං මැරෙනවා කියා හිතුවා. ඒක ජීවිතයේ මට ලැබුණ වටිනාම දේ කියා මට අද හිතෙනවා. ඒ නිසාම ජීවිතයේ ගොඩාක් ලොකු තෝරා ගැනීම් කරන්න මට පුලුවන් වුනේ. මොකද කියනවා නම් සියලුම දේ, හැම බාහිර  බලාපොරොත්තුවක්මහැම ආඩම්බරකමක්මහැම බයක්ම, හැම නින්දාවක්ම, අපහසයක්මහැම අසාර්ථක කමක්මමරණය අභියසදී වැදගත් කමක් නැති දේවල් වෙනවා. සත්‍ය  වශයෙන්ම  වැදගත් වන්නේ යමක්ද එය පමණයි ඉතිරි වෙන්නේ. දිනක ඔබ මැරෙනවා කියා හිතන සිතුවිල්ල තමයි  ඔබට යමක් නැති වෙනවා කියා හිතන සිතුවිල්ලට තියෙන හොදම බෙහෙත . ඔබ දැනටමත්  නිරුවත්. ඔබගේ හදවත පිළි නොපැදීමට කිසිම හේතුවක් තවත් ඉතිරි වී නෑ.
අවුරුද්දකට කළිං මට අග්න්‍යාශයේ පිලිකාවක් තියෙනවා කියා  වෛද්‍යවරු නිගමනය කලා. අග්න්‍යාශය කියන්නේ මොකද්ද කියලාවත් මම දැනගෙන හිටියේ නෑ. මට උදේ 7.30 එක ස්කෑන් පරීක්ෂාවක් කළා.  මගේ අග්න්‍යාශයේ ගෙඩියක් තියෙනවා පැහැදිලිව පෙනුනා. පිලිකාව  කියන එක ගැන මං දැනගෙන හිටියෙවත් නෑ.‍  වෛද්‍ය වරුන්ගේ  මතය උනේ ඒක මාරාන්තික  පිළිකාවක්  බවත් මාස 03,06 කට වඩා  කාලයක් මට ජීවත් විය  නොහැකි බවත්. මගේ වෛද්‍යවරැ කිව්වා  ගෙදර ගිහිං  මගේ සම්භන්ධ කම්  පිලිවෙලට  හදා ගන්න.  ගෙදර ගිහිං විවේක  ගන්න කියා. වෛද්‍ය භාෂාවෙන්  මැරෙන්න ලෑස්ති වෙන්න කියන්නේ එහෙමයි. ඒකේ තේරුම ඉදිරි අවුරුදු දහය ඇතුලත මං මගේ ළමයින්ට කියන්න ඕන දේ මාස තුනෙන් කියන්න ඕන කියලා. එහෙම නැත්තං හැමෝටම ගුඩ්බායි කියන්න කියලා.
මම ඒ ලෙඩේ එක්ක දවසක්ම ජීවත් උනා. පසුව නැවත හවස මා විශේෂ පරීක්ෂාවක් කලා. මගේ අග්න්‍යාශයේ සෛල කීපයක් ගෙන ඒවා අන්වීක්ෂයෙන් පරීක්ෂා කරමින් තිබුනා. මම බාගෙට මැරිලයි හිටියේ. එතන හිටපු මගේ නෝනා පස්සේ මට කිව්වා ඒ ගත්තු සෛල අන්වීක්ෂයෙන් බලලා දෙස්තරලා ඇඩුවා කියලා. මොකද මට තිබිලා කියෙන්නේ ඉතාමත්ම කලාතුරකින් හමු වන අග්න්‍යාශ පිළිකාවක්. ඒක ශල්‍යකර්මයකින් සුව කල හැකියි. මම ඒක කලා. දැං 100%ක්ම සනීපයි.
මරණය සමීපයටම මා ගිය පළමු අවස්ථාව මෙයයි. තවත් දශක කීපයකට එය එසේ නොවනු ඇතැයි මම සිතනවා. මේක උනාට පස්සේ මට ඔබට වඩාත් විශ්වාසයෙන් මෙහෙම කියන්න පුවවන්. මරණය කියන්නේ සත්‍ය වශයෙන්ම බුද්ධි විෂයක කරුණක්.
කිසිම කෙනෙක්ට මැරෙන්න ඕන නෑ. දිවියලොකේ යන්න ඉන්න අයටවත් එහෙ යන්න මැරෙන්න කැමති නෑ.අපි හැමදෙනාම බෙදා හදා ගන්න නැවතුම් පළ තමයි මරණය. කාටවත් ඉන් ගැලවීමක් ලැබී නෑ. ඒක එ‍සේම  විය  යුතුයි.   මොකද ජීවිතේ  හොදම සොයා ගැනීම  මරණය නිසා.  මරණය  තමා ජීවිතයේ වෙනස්  කරන නියෝජිතයා. පරණ දේ  ඉවර කරල අලුත්  දේකට  පාර කපන එක මින් සිද්ධ  වෙනවා. අද ඔබ අලුත්. නමුත් තව ටික  කාලෙකින්අද  ඉදං  බොහෝ දුර නොවේ, ඔබ පරණ වෙනවා ක්‍රමයෙන්. සහ ඉවත් වෙන්න වෙනවා.  කතාව  නාට්‍යයමය  නම්  මට   කනගාටුයි. නමුත්  ඇත්ත ඒකයි.
ඔබට ඇති කාලය සීමිතයි. වෙන කාගෙවත් ජීවිත ජීවත් වෙන්න ගිහිං ඔබ ඒ කාලය විනාශ කර ගන්න එපා. අනෙක් මිනිසුන් ගන්නා තීරණ අනුව වැඩකරන්න ගිහිං  ජීවිතයට කොටු වෙන්න එපා. ඔබගේම හදින් හැගෙන හඬ අනෙක් මිනිසුන්ගේ හඬින් යටපත් වෙන්න දෙන්න එපා. වඩාත්ම වැදගත් දේ ඔබගේ හදවත පිළි පැදීමටත්, සහජ බුද්ධිය පාවිච්චි කිරීමටත්, ධෛර්ය තියා ගන්න. ඔබට වෙන්න ඕන කවුද කියා ඔවුන් දැනටමත් දන්නවා. අනිත් හැමදේම වැදගත් කමක් නෑ.
මගේ තරුණ කාලේ අද්විතීය පොතක් තිබුණා. මගේ පරම්පරාවේ  බයිබලය උනේ ‍‍මේ “The whole Earth Catalog” කියන පොත.  මේක කරපු  Stewart Brand කියන කෙනා කවි වලින් මේ පොත සැරසුවා. මේ 1960 දශකයේදී පරිගණක එන්න ඉස්සර වෙලා. මේකේ සියලුම දේ අතින් නිමකර තිබුණා. මේක හරියට අද Google වගේ. Google නැතිව තිබුණ අවුරුදු 35 ට පෙර මේ පොත නැවුම් අදහස් පිරුණූ, දෝරගලා යන තාක්ෂණයන්ගෙන් සමන්විත උසස් කෘතියක් උනා.
මේ පොතට අදාළ පාඨමාලාව ඉවර වෙනකොට ඔහුගේ මේ පොතේ අවසාන සංස්කරණ ඉදිරිපත් කලා. ඒ 1970 ගණන්වල මැද. මං ඔබගේ වයසෙ ඉන්න කොට. පොතේ පිටුපස කවරයේ පිංතූරයක් තිබුනා. අරුණෝදය දැක්වෙන ගමේ පාරක්. ඔබ අවදියන් නම් අදින් ඇරඹෙන ඔබගේ අනාගතයත් මෙන්න මෙ වගේ තැනක්. මේ පිංතූරයට යටින් එක කියමනක් තිබුණා. ඒක තමයි බඩගින්නෙ ඉන්න, මෝඩවෙලා ඉන්න, ( Stay hungry,Stay foolish) කියා. මම හැමදාම මගේ ජීවිතේ එහෙම කලා. අද උපාධිය ලබන ඔබ අලුත් ජීවිතයක් පටන් ගන්නයි යන්නේ. ඒ නිසා මට ඔබටත් කියන්නෙ බඩගින්නෙ ඉන්න. මෝඩ වෙලා ඉන්න. ( Stay hungry,Stay foolish)
ස්තුතිය.


Friday, June 15, 2012

දක්ෂතාවයට වයස ගැටළුවක් නොවේ..............

              

මගේ අලුත් ජංගම දුරකථනය

කාලයක් තිස්සේ මව මව හිටපු හීනයක් සබැ උනා. ඒ තමයි එළකිරි ස්මාට්ෆෝන් එකක් ගන්න එක. HTC 7 Trophy කියල වින්ඩෝස් ෆෝන් එකක් ගතේ එල ෆෝන් එක ගොඩක් වැඩ කලි තියනවා. ෆෝන් එකේ විස්තර ටික බලන්නකෝ.

HTC 7 Trophy


GENERAL2G NetworkGSM 850 / 900 / 1800 / 1900
3G NetworkHSDPA 900 / 2100
Announced2010, October
StatusAvailable. Released 2010, October
BODYDimensions118.5 x 61.5 x 12 mm
Weight140 g
DISPLAYTypeS-LCD capacitive touchscreen, 16M colors
Size480 x 800 pixels, 3.8 inches (~246 ppi pixel density)
MultitouchYes
ProtectionCorning Gorilla Glass
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes
3.5mm jackYes
- Dolby Mobile and SRS sound enhancement
MEMORYCard slotNo
Internal8 GB storage, 576 MB RAM, 512 MB ROM
DATAGPRSClass 32
EDGEClass 32
SpeedHSDPA 7.2 Mbps; HSUPA 2 Mbps
WLANWi-Fi 802.11b/g/n
BluetoothYes, v2.1 with A2DP
USBYes, microUSB v2.0
CAMERAPrimary5 MP, 2560х1920 pixels, autofocus, LED flash, check quality
FeaturesGeo-tagging
VideoYes, 720p, check quality
SecondaryNo
FEATURESOSMicrosoft Windows Phone 7
ChipsetQualcomm QSD8250 Snapdragon
CPU1 GHz Scorpion
GPUAdreno 200
SensorsAccelerometer, proximity
MessagingSMS, MMS, Email, Push Email, IM
BrowserHTML
RadioStereo FM radio with RDS
GPSYes, with A-GPS support; Bing Maps
JavaYes, MIDP 2.1
ColorsBlack
- MP3/AAC+/WAV/WMA9 player
- MP4/WMV9 player
- Organizer
- Document viewer/editor
- Facebook integration
- Voice memo/dial
- Predictive text input
BATTERYStandard battery, Li-Ion 1300 mAh
Stand-byUp to 360 h (2G) / Up to 435 h (3G)
Talk timeUp to 6 h 40 min (2G) / Up to 3 h 30 min (3G)